2014 වර්ෂයේ විශ්‍රාම වැටුප් ලබාගත හැකි දින ප්‍රකාශයට පත් කෙරේ.

Thursday, 28 November 2013 - 13:58

2014+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
2014 වර්ෂයේදී විශ්‍රාම වැටුප් ලබාගත හැකි දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු යන මාසවල 10 වැනි දින විශ්‍රාම වැටුප් හිමියන්ට එය ලබාගත හැකියි. අප්‍රේල් මස 8 සහ මැයි මස 9 වැනිදා එම මාසවලට අදාළ විශ්‍රාම වැටුප ලබාගත හැකිවනවා. ජූනි සහ ජූලි මාසවල 10 වැනි දින විශ්‍රාම වැටුප ලබාගත හැකියි. අගෝස්තු මාසයේ 8 වැනිදා සහ සැප්තැම්බර් මාසයේ 10 වැනිදාත් ඔක්තෝම්බර් මාසයේ 7වැනි දිනයේත් විශ්‍රාම වැටුප් ලබාගත හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප ලබාගත හැක්කේ 10 වැනි දිනයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories