UPDATE: වීඩියෝ: ටී.එන්.ඒ., ශ්‍රීධරන් වහා අත්අඩංගුවට ගන්න - බොදු බල සේනාව.

Thursday, 28 November 2013 - 14:55

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B0%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80.
යාපනය දිස්ත්‍රික් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් වහාම අත්අඩංගුවට ගතයුතු බව බොදු බල සේනා සංවිධානය අද කියා සිටියා. අම්පාර නගර සභාවද අද (28) ඒකමතිකව යෝජනාවක් සම්මත කර ගත්තේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටයි. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශය සහ ඊ.පී.ඞී.පී. බලය පවතින යාපනය ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඩැනියෙල් රෙක්ස්සීසන් ඝාතනය අතර සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි බව ජාතික නිදහස් පෙරමුණද අද (28) ප්‍රකාශ කළා.

දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශය ත්‍රස්තවාදීන්ට සහයෝගය පළ කිරීමක් බව එදිනම අමාත්‍ය එස්.බී. දිසානායකද අවධාරණය කළා. කෙසේ වෙතත්, මහවිරු දිනය ලෙස ඊයේ දිනයේ ත්‍රස්තවාදීන් සැමරීමට උතුරේ ඇතැම් පිරිස් උත්සාහ කළද ආරක්ෂක අංශ ඊට ඉඩ ලබා දුන්නේ නැහැ.

මන්නාරම - මුරුක්කන් ප්‍රදේශයේදී මෙවැනි සැමරුමක් සිදුකිරීමට ගිය පුද්ගලයන් තුන් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් කියා සිටියේ සිය වැල්වැටිතුරෙයි නිවස ඉදිරිපිට අද පෙරවරුවේ මල් වඩමක් තබාගොස් තිබූ බවයි.

උතුර පළාත් කෘෂිකර්ම අමාත්‍ය අයින්ගරනේසන්ගේ නිවසට මෙන්ම පළාත් සභා මන්ත්‍රී ඊ.ආනොල්ඞ්ගේ නිවස ඇතුළු නිවාස කිහිපයකට අද අළුයම ගල් ප්‍රහාර එල්ල වී ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. උතුරේ ආරංචි මාර්ග කියා සිටියේ ත්‍රස්තවාදීන් සැමරීමට උත්සාහ දැරූ ඇතැම් පිරිස් වාසය කරන නිවෙස්වලට මෙවැනි ප්‍රහාර එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත්, ත්‍රස්තවාදීන් සැමරීම නිතීවිරෝධී කටයුත්තක් වනවා සේම ඒ මුවාවෙන් විවිධ හිරිහැර සිදුකිරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියා.

ජාතික නිදහස් පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් ප්‍රකාශ කළේ ඊ.පී.ඞී.පී. බලය ඇති යාපනය ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය සැක සහිත බවයි. එම ඝාතනය සහ එදිනම දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අතර සම්බන්ධයක් ඇති බවට සැක කළ හැකි බවද ඔහු සඳහන් කළා.

මේ අතර, ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශයට එරෙහිව අම්පාර නගර සභාවේ පක්ෂ විපක්ෂ සියලූ මන්ත්‍රීවරුන් අද (28) ඒකමතිකව යෝජනාවක් සම්මත කර ගත්තා.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කළ දිවුරුම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා වහා අත්අඩංගුවට ගතයුතු බව බොදු බල සේනා සංවිධානය කොළඹදී අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යාපන හා පර්යේෂණ අංශයේ ප්‍රධානී චමිල ලියනගේ කියා සිටියා.




Update: Thursday, 28 November 2013 - 14:55
-----------------------------------------------------

ශ්‍රීධරන්ට එරෙහිව අම්පාර නගර සභාවෙන් යෝජනාවක්.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අම්පාර නගර සභාව අද (28) යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. එහි සභාපති නලින් ජයවික්‍රම කියා සිටියේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි. එමෙන්ම, 2014 වර්ෂය සඳහා එම නගර සභාව ඉදිරිපත් කළ අයවැයද අද (28) සම්මත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories