Update :විඩීයෝ : දියතලාව නාවික බස් අනතුරෙන් තුන් දෙනෙකුට බරපතලයි.

Thursday, 28 November 2013 - 18:41

Update+%3A%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
කොළඹ සිට දියතලාව බලා ධාවනය වූ නාවික හමුදා බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (28)  පස්වරුවේ පෙරලීයාමෙන් නාවික හමුදා සෙබළුන් 21 දෙනෙකු තුවාල ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් දියතලාව රෝහලට ඇතුළත් කළ බවයි. ඉන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් බදුල්ල මහ රෝහල වෙත මාරු කර යැවූ බවයි දියතලාව රෝහලේ අධ්‍යක්ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත්තේ නාවික සෙබළියක් සහ සෙබලූන් දෙදෙනෙක්. වාර්ෂික විනෝද චාරිකාවක් සඳහා ගිය නාවික සෙබලූන් පිරිසකුයි මෙම අනතුරට මුහුණ දුන්නේ. අනතුර නිසා බදුල්ලේ සිට කොළඹ බලා ඊයේ සවස 06 ට ධාවනයවීමට නියමිතව තිබූ දුම්රියද පැය 03 ක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.



Update :  Friday, 29 November 2013 - 9:00
--------------------------------------------------------------------------------------
නාවික හමුදා බස් රථයක් පෙරලී, සෙබළුන් 21 කට තුවාල.

Thursday, 28 November 2013 - 18:41

කොළඹ සිට දියතලාව බලා ධාවනය වූ නාවික හමුදා බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (28) පස්වරුවේ පෙරලීයාමෙන් නාවික හමුදා සෙබළුන් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් දියතලාව රෝහලට ඇතුළත් කළ බවයි. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් බදුල්ල මහ රෝහල වෙත මාරු කර යැවූ බවයි දියතලාව රෝහලේ අධ්‍යක්ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories