වෙනම අමාත්‍යාංශයක් ඉල්ලා මොරටුව වඩු කාර්මිකයෝ මහ පාරේ.

Thursday, 28 November 2013 - 18:44

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A.
වඩු කර්මාන්තයට වෙනම අමාත්‍යාංශයක් ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මොරටුව වඩු කාර්මිකයන් අද (28) පස්වරුවේ මොරටුව - කුරුස මංසන්ධියේ උද්ඝෝෂණයක නිරත වුණා. මෙම විරෝධතාවය කොන්දේසි සහිතව පැවැත්වීමට කටයුතු කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දහවල් නියෝගයක්ද නිකුත් කළා. මෙම උද්ඝෝෂණයෙන් ජනතාව අපහසුතාවයට පත්විය හැකි බැවින් එය නතර කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි මොරටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කරුණු සලකා බැලූ අධිකරණය නියෝග කළේ කොන්දේසි සහිතව මෙම උද්ඝෝෂණය පැවැත්විය හැකි බවයි.

කෙසේ වෙතත්, අද (28) පස්වරුවේ මොරටුව - කුරුස මංසන්ධියේ මෙම උද්ඝෝෂණය වඩු කාර්මිකයින් සහ මොරටුව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories