HIV ආසාදිතයන් 1649 ක්. - ඒඞ්ස් රෝගීන් 432 යි.

Friday, 29 November 2013 - 12:49

HIV+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+1649+%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%92%E0%B6%9E%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+432+%E0%B6%BA%E0%B7%92.
2012 වසර අවසාන වනවිට එච්.අයි.වී ආසාදනය වූ පුද්ගලයින් 1649 දෙනෙකු මෙරටින් හමුවී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම වසර අවසාන වනවිට ඒඞ්ස් රෝගීන් 432 දෙනෙකු වාර්තා වී ඇති බවයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ අතර, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට අනවශ්‍ය ලෙස කාලය ලබා ගැනීම පිළිබඳව ඉදිරියේදී අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් කරුණු විමසන බව කථානායක චමල් රාජපක්ෂ සඳහන් කළා. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ හත් වන දිනය අදයි. අද පස්වරුවේ අයවැය දෙවන වර කියවීමේ ඡුන්ද විමසීම පැවැත්වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories