පහර කෑ සුමංගලයේ සිසුවාට මතකය අහිමි වෙලා.

Friday, 29 November 2013 - 13:25

%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%9A%E0%B7%91+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.
පසුගිය සඳුදා මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් 3 ක් අතර ඇති වූ ගැටුමින් තුවාල ලැබූ ශ්‍රී සුමංගල විද්‍යාලයේ 12 වන වසරේ ගණිත අංශයේ ඉගෙනුම ලබන සිතිජ කෝකිල එදිරිසිංහ සිසුවා තවදුරටත් මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ පියා වන සරත්චන්ද්‍ර එදිරිසිංහ කියා සිටියේ තම දරුවාගේ මතකය මේ වනවිට වෙනස් වී ඇති නිසා අනාගතයේදී ඔහු කුමන මානසික මට්ටමක සිටී ද යන්න පිළිබඳව කිව නොහැකි බවයි.

මහනුවර ශ්‍රී සුමංගල, විද්‍යාර්ථ සහ කිංග්ස්වුඞ් විද්‍යාලයන්හි සිසුන් පිරිසක් අතර මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ පසුගිය 25 වැනිදායි. එම ගැටුමින් තුවාල ලැබූ සුමංගල විද්‍යාලයේ සිතිජ කෝකිල එදිරිසිංහ සිසුවාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බවයි ඔහුගේ පියා අප සමඟ සඳහන් කළේ. තුවාල ලැබූ සිසුවාට ශල්‍යකර්මයක් ද සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම පාසල් දෙක අතර මීට පෙර කිහිපවතාවක්ම මෙවැනි ගැටුම් හට ගෙන ඇති නමුත් ඒ වැළැක්වීමට පොලිසිය පියවර නොගත් බව ද, සිතිජගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories