වැලිවේරිය - රතුපස්වල උද්ඝෝෂණයේදී වෙඩි වැදීමෙන් මියගිය තුන්දෙනා සම්බන්ධයෙන් කරුණු නීතිපතිවරයා වෙත යොමුකරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළා. අද (29) උදෑසන මීට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැදවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක සඳහන් කළේ ඉදිරි පරීක්ෂණ කටයුතු නීතිපති උපදෙස් මත සිදුකරන ලෙසයි. මහේස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේ පරීක්ෂණ කටයුතු සඳහා යුධ හමුදා සාක්ෂි කැඳවීම අවශ්‍ය ද නැද්ද යන තීරණය අද දහවල් දැනුම් දෙන බවයි. කෙසේ නමුත්, හමුදා සාක්ෂි කැඳවීම අද සිදුකෙරුණේ නැහැ.
මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි නුවන් වැදිසිංහ ඇතුළු පොලිස් නිලධාරින් අධිකරණය හමුවේ පෙනී සිටියා. සාක්ෂි දීමට හමුදා නිලධාරින් දෙදෙනෙකු ද අධිකරණයට පැමිණි සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙහිදී, හමුදා නිලධාරින් සාක්ෂි දීමට කැඳවූයේ කුමන පදනමකින් ද යන්න මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළා. කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා එහිදී කියා සිටියේ එල්ල වූ වෙඩි ප්‍රහාර පිළිබඳ සාක්ෂි දීමට ඔවුන් කැඳවූ බවයි.

Follow US
Most Viewed Stories