වීඩියෝ: ප්‍රභාකරන් සමරන්නන්ට ඇමති ඩිලාන්ගෙන් වාග් ප්‍රහාරයක්.

Friday, 29 November 2013 - 19:03

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
මිය ගිය පුද්ගලයන් සැමරීමට ජීවත්ව සිටින ඥාතීන්ගේ අයිතියක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.ඒ. සුමන්දිරන් අද (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. ඒ,     අය වැය දෙවන වර කියවීමේ විවාදය අමතන  අතරතුරයි. ඔහු එහිදී මහවිරු දින සැමරුම පිළිබදව අදහස් දැක්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ ඇති වුණේ උණුසුම්  තත්ත්වයක්. ඒ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගේ කතාවට බාධා කිරීම හේතුවෙන්.                                         

කෙසේ වෙතත්, අනතුරුව අදහස් දැක්වූ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා  ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරුම පිළිබදව දැඩි විවේචනයක් ඉදිරිපත් කළා.  ඔහු කියා සිටියේ අමිර්තලිංගම්,  තිරුචල්ලම් වැනි දෙමළ නායකයන් ඝාතනය කළ පුද්ගලයෙකු සැමරීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන  බවයි. එවැනි දෙමළ නායකයන් සැමරීමට නොහැකි වී ඇත්තේ මන්දැයි ඔහු දෙමළ ජාතික සන්ධානයෙන් ප්‍රශ්න කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories