නෝර්වේ උතුර ගැන සතුටින්.

Friday, 29 November 2013 - 19:42

%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.
යුද්ධය අවසන්වීමෙන් පසු උතුර පළාත යළි යථා තත්ත්වයට ගෙනඒම සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙල නෝර්වේ රාජ්‍යයේ ප්‍රශංසාවට ලක්වුණා. ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී ගේ‍්‍රට් ලොචෙන් මෙම අදහස් පළ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (29) පැවැති සාකච්ඡාවකදියි. ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවති අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද නෝර්වේ තානාපතිනිය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් හුවමාරු කර ගත්තා. උතුර පළාතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ලක් රජය ගත් තීරණය පිළිබදව නෝර්වේ රජය සතුටු වන බවයි තානාපතිනිය ප්‍රකාශ කළේ. උතුරේ ජනතාවගේ සමාජ, ආර්ථික දියුණුව සහතික කිරීම සඳහා අලූතින් පත්වූ පළාත් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සූදානම් බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කර ඇති නව තානාපතිවරුන් දෙදෙනෙකු ද අද (29) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අක්තපත්‍ර භාර දුන්නා. නොපෝන් අඞ්චරියාවනිච් තායිලන්තයේ තානාපතිවරයා ලෙස ද, අසිසුද්ඞීන් අහමද්සාදා ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා ලෙස ද එලෙස අක්තපත්‍ර භාර දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories