අපේ නාවික හමුදාවට ඉන්දියාවේ ප්‍රසාදය.

Saturday, 30 November 2013 - 9:05

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.
ඉන්දීය සාගරයේ මුහුදු කොල්ලකෑම් පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විශාල දායකත්වයක් ලබාදෙන බව ඉන්දීය නාවික හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානී අද්මිරාල් ඞී.කේ. ජෝෂි ප්‍රකාශ කළා. ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි. එම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ ද එක්ව සිටියා. මෙහිදී ඉන්දීය නාවික හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානී අද්මිරාල් ඞී.කේ. ජෝෂි කියා සිටියේ ඉන්දියාවේ සිව් අවුරුදු තාක්ෂණ උපාධිය හැදැරීම සඳහා මෙරට නාවික හමුදා නිලධාරීන්ට අවස්ථාව සලසා දෙන බවයි. එහිදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බවත් ඔහු කියා සිටියා.

ඉන්දු - ශ්‍රී ලංකා නාවික හමුදාවන් අතර කිසිඳු අනවබෝධයක් නොමැති බව මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories