ඉරාන තෙල් ගේන්න සම්බාධක සහනයක්.

Saturday, 30 November 2013 - 9:03

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ඉරාන තෙල් ආනයනය සඳහා පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට තවත් මාස 6ක කාලයක් සඳහා ලිහිල් කිරීමට ඇමරිකාව ඊයේ (29) තීරණය කළා. චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, තුර්කිය, තායිවානය, මලයාසියාව, දකුණු අප්‍රිකාව, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව මේ අනුව මෙම ඉරාන තෙල් ආනයන සහනය සඳහා සුදුසුකම් ලබනවා. ඉරානය වෙත ඇමරිකානු සම්බාධක ක්‍රියාත්මක වන්නේ එහි මතභේදකාරී න්‍යෂ්ටික වැඩපිළිවෙල හේතුවෙන්. එහෙත් දැන් ඒ සම්බන්ධයෙන් ලෝක බලවතුන් සහ ඉරානය අතර එකඟත්වයක් ඇති වී තිබෙනවා. ඇමරිකානු සම්බාධකවලට අනුකූලව තෙල් ආනයනය සීමා කළ රටවලටයි ආනයන සහනය ක්‍රියාත්මක වූයේ. මෙවර එහි විශේෂත්වය වන්නේ එම තෙල් ආනයනයන් සිදුකරන සහනලාභී රටවල මූල්‍ය ගනුදෙනු ඇමරිකානු මූල්‍ය පද්ධතිය මගින් ප්‍රතික්ෂේප නොකිරීමයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories