ජයලලිතාට ශ්‍රී ලංකාවෙන් අනතුරු ඇඟවීමක්.

Saturday, 30 November 2013 - 12:53

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
ඉන්දීය ධීවරයන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා බව තමිල්නාඩු මහ ඇමතිනිය නොදන්නේ දැයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රශ්න කරනවා. ඉන්දීය ධීවරයන් මෙරට මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ජීවිකා වෘත්තියට දැඩි පහරක්. එමෙන්ම, ශ්‍රී ලාංකික ධීවරයන් 154 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 29 ක් මෑතකදී ඉන්දියාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් මෙතෙක් මුදාහැර නැහැ. තමිල්නාඩු මහ ඇමතිනිය මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන්ගේ ජීවිකා වෘත්තීය අහිමිවීම පිළිබඳව අදහස් පළ කරනවා. එහෙත් ඉන්දියාව විසින් අත්අඩංගුවට ගනු ලබන මෙරට ධීවරයන්ගේ ජීවිකා වෘත්තියද අහිමි වී ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රකාශ කළේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය රජය සහ එරට ආරක්ෂක බලධාරීන්ද නොමඟ යවා ඇති බවයි. ජයලලිතාගේ ආක්‍රමණශීලි ධීවර ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතාවයක් සංවිධාන කිරීමට වූවද තමන් සූදානම් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories