මූල්‍ය පාලනය පිළිබඳ පළාත් පාලන නියෝජිතයන්ට විශේෂ පුහුණුවක්.

Saturday, 30 November 2013 - 19:04

%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
මූල්‍ය පාලනය සහ පළාත් පාලන ආයතනවල අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන නියෝජිතයන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සූදානම් වනවා. එම අමාත්‍යාංශය පවසන්නේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පවතින අඩුපාඩු හේතුවෙන් පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වයන්ට බාධා එල්ලවී ඇති බවයි.

පසුගිය දින කිහිපයේ පළාත් පාලන ආයතන කිහිපයක අයවැය පරාජයට පත්වීමේ සිද්ධීන් කිහිපයක් වාර්තාවුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය පාලන බලය හොබවන මීරිගම ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය දෙවන වරටත් වැඩි ඡන්ද 21 කින් ඊයේ දිනයේදී පරාජයට පත්වුණා. අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කර තිබුණේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පමණයි. පසුගිය 20 වැනිදා මීරිගම ප්‍රාදේශීය සභාවේ අයවැය පළමුවරට ඉදිරිපත් කෙරුණු අතර එම අවස්ථාවේදීද වැඩි ඡන්ද 19 කින් පරාජයට පත්වුණා. පෑලියගොඩ නගර සභාවේද ඇතිවුණේ මෙවැනිම තත්ත්වයක්. පසුගිය 27 වැනිදා අයවැය ඉදිරිපත් කළ අතර එය දෙවන වරටත් වැඩි ඡන්ද 3 කින් පරාජයට පත්වුණා. පසුගිය 19 වැනිදා පෑලියගොඩ නගර සභාවේ අයවැය පළමු වරට ඉදිරිපත් කළ අවස්ථාවේදීද එය වැඩි ඡන්ද 3 කින් පරාජයට පත්වීම විශේෂත්වයක්. ඒ අනුව පසුගිය වසරේ සම්මත කෙරුණු පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනතට අනුව අයවැයක් දෙවරක් පරාජයට පත්වුවහොත් සභාපතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු වනවා.
 
මේ අතර අම්පාර - දමන ප්‍රාදේශීය සභාවේ අයවැය ද ඊයේ දිනයේ ඉදිරිපත් කළ අතර  එහිදී අයවැයට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවුණා. අයවැයට අදාළ ඡන්ද විමසීම සම්බන්ධයෙන් උද්ගතවූ ගැටළුවක් හේතුවෙනුයි මෙලෙස මන්ත්‍රීවරුන් විරෝධය පළ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories