ආරාධනය තවමත් විවෘතයි. ඉන්දියාව

Sunday, 01 December 2013 - 7:53

%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
මෙරට උතුරුකරයේ සංචාරය කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත කළ ආරාධනය තවමත් විවෘත බව ඉන්දීය මුදල් අමාත්‍ය පී. චිදම්බරම් පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා චාරිකාවට එරෙහිවූ ඔහු මේ බව ඊයේ (30) ප්‍රකාශ කළේ තමිල්නාඩුවේ කේන්ද්‍රය වූ චෙන්නායි නුවරදියි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීමෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකාවට කම්පනයක් ඇති කළ බව ඔහු කියා සිටියා. චිදම්බරම් මෙම රැස්වීම සංවිධාන කර ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දීය ස්ථාවරය පැහැදිළි කිරීමට යැයි පවසමින්. 13 වන සංශෝධනය හෝ ඉන් ඔබ්බට ගිය සංශෝධන මෙරට ව්‍යවස්ථාවේ ස්ථාපිත කරන තුරු මෙන්ම යුද්ධයේදී සිදුවූ දෑ පිලිබඳව පරීක්ෂණ පවත්වනතුරු ඉන්දියාව නිහ`ඩව නොසිටින බව ඔහු කියා සිටියා. එතෙක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ පීඩන එල්ල කිරීමට ඉන්දියාව සූදානම් බවයි ඔහු කියා සිටියේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ෙසෙවරීත්වයට ඉන්දියාව ගරු කළ යුතු බවද ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories