පුතා දුන් ව්‍යාජ 2000 නෝට්ටුව ගැන අම්මා හෙළි කරයි.

Sunday, 01 December 2013 - 8:14

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+2000+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
ව්‍යාජ රුපියල් 2000 නෝට්ටු දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගාල්ල - යක්කලමුල්ල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වෙළඳසැලකින් දුරකතන කාඞ්පතක් මිලදීගෙන වෙළඳසැළකට එක් ව්‍යාජ රුපියල් 2000 නෝට්ටුවක් ලබාදී ඇති අතර එහි හිමිකාරිනිය ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුණා. පසුව වෙනත් මුදල් ආරවුලක් සම්බන්ධයෙන් මෙම සැකකරු පොලිසියට කැඳවා ඇති අතර, එහිදී වෙළඳසැලට ව්‍යාජ නෝට්ටුවක් ලබාදුන් බව පිළිගෙන තිබෙනවා. එම ස්ථානයට පැමිණ සිටි ඔහුගේ මවගෙන්ද පොලිසිය ප්‍රශ්න කළ අතර, එහිදී හෙළි වුණේ තවත් ව්‍යාජ නෝට්ටුවක් ඔවුන් පැමිණි ත්‍රීරෝද රථයේ සඟවා තිබෙන බවයි. ඒ අනුව ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගත් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories