එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු දිවයිනට.

Monday, 02 December 2013 - 7:50

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවතැන්වූවන්ගේ මානුෂික අයිතිවාසිකම් පිළිබද විශේෂ නියෝජිතයෙකු වන ආචාර්ය චලෝකා බෙයානි අද (02) දිවයිනට පැමිණීමට නියමිතයි.   

අද සිට දින 6ක් පුරා ඔහු මෙරට රැඳී සිටින අතර, යුද්ධයෙන් අවතැන්ව සිටින පිරිස් මුණගැසීමට නියමිත බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ ලේකම් ජනක සුගතදාස සඳහන් කළා. ඊට අමතරව මෙරට රැඳී සිටින කාලය තුළ ඔහු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් ඇතුලූ රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමගද සාකච්ඡා කරනු ඇති. ජගත් සංවිධාන විශේෂ නියෝජිතයා උතුරේ සහ මුලතිව් ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර, එහිදී සුබසාධන කඳවුරු නිරීක්ෂණය කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස කියා සිටියේ ජගත් සංවිධානයේ නියෝජිතවරයා මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories