නිර්මාංශ ආහාර අලෙවිකරුවන්ට ප්‍රමිතියක්.

Monday, 02 December 2013 - 8:13

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
නිර්මාංශ ආහාර අලෙවි කරන ආයතන සඳහා සහතිකයක් සහ ලාංඡනයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අවධානය යොමුව තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලලිත් සේනවීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම සහතිකය අදාළ ආයතනයන්ට ලබන සතියේ සිට ලබාදීමට නියමිත බවයි. ඒ අනුව පාරිභෝගිකයින්ට යම් වෙළද ආයතනයක් නිර්මාංශ ආහාර අලෙවි කරන්නේ නම්, එය හඳුනා ගැනීමට මේ තුළින් පහසු වන බවයි. ඊට අමතරව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනට හඳුන්වා දී තිබෙන බලශක්ති පිරිමැසුම් ක්‍රියාවලියට හඳුන්වා දී තිබෙන තරු පන්ති ශ්‍රේණිගත ක්‍රමවේදය ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර සඳහා ද ඉදිරියේ දී ඇතුළත් කිරීමට නියමිත බව ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories