කිරිපිටි මිල ඉහළ දැමීමට තවම තීරණයක් නැහැ.

Monday, 02 December 2013 - 12:50

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
කිරිපිටි මිල ඉහළ දමන්නැයි සමාගම් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා. මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් 5ක් මිල ඉහළ දමන ලෙස අධිකාරිය වෙත අයඳුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක් රුපියල් දහසකට අධික මිලකින් සහ ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 400කට ආසන්න මිලකින් ඉහළ දමන ලෙසයි ඔවුන් එමගින් ඉල්ලා ඇත්තේ. පසුගිය දා එක්තරා කිරිපිටි සමාගමක් පාරිභෝගික සේවා අධිකාරියේ අවසරයකින් තොරව මිල ඉහළ දමනු ලැබුවා. මේ නිසා ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති අතර, අද දිනයේ දී එම නඩුව විභාගයට ගනු ලබනවා.කිරිපිටි සමාගම් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ඒ. ඩග්ලස් කියා සිටියේ ලෝක වෙළදපොළේ කිරිපිටි මිල ඉහළ ගොස් ඇති නමුත්, මිල ඉහළ දැමීමට සලකා බලන අනෙකුත් සාධකවල වෙනසක් දක්නට නොලැබෙන බවයි.    

කෙසේ වෙතත්, ඇතැම් කිරිපිටි වර්ගවල හිඟයක් මේ වන විට වෙළඳපොළේ දක්නට ලැබෙනවා. අප මේ පිළිබදව ද පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසූ අතර ඔහු කියා සිටියේ උත්සව සමය ආසන්න වත්ම මෙලෙස කිරිපිටි සඟවා තබන සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories