සෞදියේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුට පාදයක් අහිමි වෙයි.

Monday, 02 December 2013 - 13:29

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
සෞදි අරාබියේ රැකියාවට ගොස් අනතුරට ලක්ව පාදයක් අහිමි වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුගේ බිරිදක් අද (02) උදෑසන හිරු ප්‍රවෘත්ති අංශය අමතනු ලැබුවා. ඇය සදහන් කළේ සිය ස්වාමි පුරුෂයා මේ වසරේ මාර්තු 25 වන දා මරදාන ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් හරහා සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ආයතනයක රැකියාවකට ගිය බවයි. එහිදී තම ස්වාමි පුරුෂයා අනතුරකට ලක්ව පාදයක් ඉවත් කිරීමට සිදුවූ බව ද ගම්පහ - උඩුගම්පළ ප්‍රදේශයේ පදිංචි අචලා නිශාන්ති කුමාරි නැමැති ඇය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

ඇය ලබාදුන් දුරකථන අංකයකට අනුව හිරු ප්‍රවෘත්ති අංශය දැනට අනතුරට ලක්ව සෞදි අරාබියේ ජෙඩා නුවර සිටින රුවන් චාමර හේරත් සම්බන්ධ කර ගනු ලැබුවා. ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ට පාදයක් අහිමි වී ඇති බැවින් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අදාළ සේවා ස්ථානයෙන් ප්‍රමාණවත් වන්දි මුදලක් ලබාදීමට මැදිහත් වන ලෙසයි.

මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනියගෙන් විමසීමක් කළා. ඒ අනුව මේ පිළිබදව දැනුවත්වීම සඳහා අනතුරට ලක්ව සිටින රුවන් චාමරගේ නිවසේ දුරකථන අංකයක් ලබාදෙන ලෙස ඔහු අපගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. ඒ අනුව ඔහු රුවන් චාමරගේ බිරිදගෙන් අදාළ තොරතුරු විමසා අප වෙත කියා සිටියේ මෙම ශ්‍රමිකයාට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදෙන වන්දි මුදල අනිවාර්යෙන්ම ලබාදෙන බවයි. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories