2005 වසරේදී යාපනය නගරයේ බලය අල්ලා ගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය සැළසුම් කර තිබූ බවට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රාසවල්ලවන් තබෝරුබන් නොහොත් කූගන් ප්‍රකාශ කළා. අනුරාධපුර විශේෂ මහාධිකරණය වෙත සිද්ධිය පිළිබඳ ලිඛිත පාපොච්චාරණයක් ලබාදෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් ලබාදුන් සන්නිවේදන පණිවුඩ උපයෝගී කරගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය එම වසරේදී යාපනය නගරයට ෂෙල් වෙඩි ප්‍රහාර 100 ක් පමණ එල්ල කළ බවයි.
කන්කසන්තුරේ මයිලඩි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මෙම සැකකරු 2001 වසරේදී කොළඹ පැමිණ වසරකට ආසන්න කාලයක් පෞද්ගලික ඉදිකිරීමේ සමාගමක සේවය කර තිබෙනවා.
2002 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග අත්සන් කළ සාම ගිවිසුම නිසා නැවත යාපනයට පැමිණ ඇති මොහු යාපනය බස් නැවතුම්පළේ රැඳී සිටියදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු පැමිණ කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ යුද පුහුණුවක් ලබාදීම සඳහායි.
2007 වසරේදී විශ්වමඩු එල්.ටී.ටී.ඊ. කඳවුරේ සිට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමේ සැළසුම සකස් කළ බවත් තබෝරුබන් සිය පාපොච්චාරණයේ සඳහන් කර තිබෙනවා.
මන්නාරමේ පිහිටුවා තිබූ මුහුදු කොටි කඳවුරකට පැමිණීමෙන් පසු කොළ පැහැති හමුදා ඇඳුම්වලින් සැරසී එතැන් සිට අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි බව සැකකරු ප්‍රකාශ කළා. 2007 වසරේ සැප්තැම්බර් මස 22 වැනිදා ගුවනින් සහ ගොඩබිමින් එල්ලවූ මෙම එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නවතා තිබූ ගුවන් යානා 10 ක් සම්පූර්ණයෙන් විනාශ වුණා. ප්‍රහාරයෙන් මියගිය ආරක්ෂක අංශ සාමාජිකයින් සංඛ්‍යාව 14 ක්. අද දිනයේ මෙම සැකකාර තබෝරුබන් අනුරාධපුර විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

Follow US
Most Viewed Stories