බස්නාහිර - දකුණ දෙසැම්බරයේ විසුරුවයිද?

Monday, 02 December 2013 - 19:31

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
බස්නාහිර සහ දකුණු පළාත් සභා දෙසැම්බර් මාසයේ විසුරුවා හැරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. ඒ අනුව බොහෝදුරට මෙම පළාත් සභා දෙක දෙසැම්බර් මස 18ත් 26 ත් අතර දිනකදී විසුරුවා හැරෙනු ඇති. මැතිවරණ පනතට අනුව පළාත් සභාවක් විසුරුවා හැර දින 14 ක් ඇතුළත මැතිවරණ කොමසාරිස්වරයා විසින් නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි. ඒ අනුව ජනවාරි මස මුල් සතියේදී පමණ අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු  ඇති. ඉන් අනතුරුව සති 5 ත් 7 ත් අතර ඡන්ද විමසීම සිදුකළ යුතුවනවා. ඒ අනුව බොහෝදුරට බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීම මාර්තු මස 1 වැනිදා හෝ 8 වැනිදා යන දිනකදී පැවැත්වීමට ඉඩ ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. බස්නාහිර සහ දකුණ පළාත් සභා ඡන්ද විමසීම සිදුකරනු ලබන්නේ 2013 ඡන්ද හිමි නාම ලේඛනයට අනුවයි.
 
මේ අතර ඌව පළාත් සභාවද බස්නාහිර සහ දකුණ පළාත් සභා සමග විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්. රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සම්මේලනයට පෙර පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදි තීරණයක් ගනු ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සම්මේලනය මේ මස 18 වැනිදා පැවැත්වීමට දැනට සැළසුම් කර තිබුණත් ස්ථානය පිළිබඳව පවතින ගැටළුවක් හේතුවෙන් එම දිනය වෙනස්වීමටද ඉඩ පවතිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories