තායි අගමැතිනිය ඉල්ලා අස් නොවේ.

Monday, 02 December 2013 - 19:52

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.
තමාට ඉල්ලා අස්වන ලෙස බැංකොක් නුවරට රොක්වී සිටින විරෝධතාකරුවන් කරන ඉල්ලීම් තායිලන්ත අගමැතිනී යින්ලක් ෂිනවත්‍රා අද ප්‍රතික්ෂේප කළා. ඇය කියා සිටියේ සාකච්ඡාවලට සූදානම් නමුදු එලෙස තනතුරින් ඉවත්වීම ව්‍යවස්ථානුකූල නොවන බවයි. පසුගිය නොවැම්බර් 24 වැනිදා ආරම්භ වූ විරෝධතා මුලදි සාමකාමී ලෙස පැවතුණද පසුගිය සෙනසුරාදා සිට ඒවා ප්‍රචණ්ඩ වී තිබෙනවා. ගැටුම්වලින් පුද්ගලයන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ පැවති රැලියකදී විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ තායි අගමැතිනිය ඉදිරි දින දෙක තුළ ඉල්ලා අස්විය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories