MCNS විසුරුවා හැරේ.

Tuesday, 03 December 2013 - 7:44

MCNS+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය විසුරුවා හැරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළේ 2013 පසුගිය නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය විසුරුවා හැර ඇති බවයි. ඔහු කියා සිටියේ මෙම විසුරුවා හැරීම සඳහා විශේෂ හේතුවක් නොමැති බවයි. ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන්නක්. එය විසුරුවා හැරීම අමාත්‍යාංශයේ  තීරණයක් බව ද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක වැඩිදුරටත් සදහන් කළා. යුද්ධය පැවැති සමයේ යුධ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කෙරුණු ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ලක්ෂ්මන් හුළුගල්ලයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories