වීඩීයෝ : Update : කැටයම් චින්තකගේ අවමගුලට පාංශකූලයක් නැහැ.

Tuesday, 03 December 2013 - 8:00

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%9A%E0%B7%96%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ චින්තක වසන්ත නොහොත් කැටයම් චින්තකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාතර පොදු සුසාන භූමියේදී අද දහවල් සිදු කෙරුණා. ආගමික වතාවත්වලින් තොරව සිදුවූ අවසන් කටයුතු සඳහා එක්ව සිටියේ ඔහුගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු පමණක් බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. ඔහුගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගි නොවන ලෙසට සඳහන් කරමින් මාස්මුල්ල ප්‍රදේශය පුරා පෝස්ටර්ද අලවා තිබුණා.
 
කඹුරුපිටිය ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක කඹුරුපිටිය - නයිගල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණේ පෙරේදා දිනයේදියි. 



Update : Wednesday, 04 December 2013 - 7:05

------------------------------------------------------
කැටයම් චින්තක අවසන් ගමනේ.


පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ ගැටුමකදී මියගිය චින්තක වසන්ත නොහොත් කැටයම් චින්තකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාතර පොදු සුසාන භූමියේදී අද (04) දහවල් සිදු කෙරුණා. එම අවස්ථාව සඳහා මියගිය චින්තකගේ මව, බිරිඳ ඇතුලූ ඥාති හිතවතුන් කිහිපදෙනෙකු පමණක් එක්ව සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. කඹුරුපිටිය ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක කඹුරුපිටිය - නයිගල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණේ පෙරේදා දිනයේදියි.

Wednesday, 04 December 2013 - 2:54
---------------------------------------------------------
කැටයම් චින්තකගේ අවසන් කටයුතු රජයේ වියදමින්.

 Tuesday, 03 December 2013 - 7:08

පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ ගැටුමකදී මියගිය චින්තක වසන්ත නොහොත් කැටයම් චින්තකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන ලෙසට ඔහුගේ මව විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, කඹුරුපිටියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තකගේ මරණය සම්බන්ධයෙන් වන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ අද අවසන්වීමෙන් පසුවයි.

පසුගිය නොවැම්බර් 17 වැනිදා සිදුවූ මෙම ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක සොයා පොලීසිය දින ගණනාවක් මෙහෙයුම් ක්‍රියාත්මක කළා. පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඊයේ ඇති වූ ගැටුමකදී ඔහු මියගියේ කඹුරුපිටිය - නයිගල ප්‍රදේශයේදියි.

මෙම ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 26 වන දා හක්මන - දෙනගම වැවට පැනීම නිසා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. ඝාතන සිද්ධියේ දෙවන සැකකරු පසුගිය 22 වැනිදා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණේ ආයුධයක් රැගෙන පොලීසියට වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේදියි.

කැටයම් චින්තකගේ මරණය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරික්ෂණය අද සිදුකෙරුණේ මාතර මහ රෝහලේදියි. කරුණු කිහිපයක් මත දේහය පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන ලෙස ඔහුගේ මව එහිදී ඉල්ලා සිටියා. ගම්වැසියන් රතිඤ්ඤා දල්වමින් තම පුතුගේ මරණය පිළිබඳව සතුට සමරමින් සිටියදී තමන් දේහය රැගෙන ගමට යෑම තවත් ගැටළු ඇතිකරනු ඇති බවයි චින්තකගේ අම්මා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර අද පස්වරුවේ කැටයම් චින්තකගේ මව පදිංචිව සිටි කඹුරුපිටිය - මාස්මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇති බව කඹුරුපිටිය පොලීසිය ප්‍රකාශ කළා. මීට පෙර කැටයම් චින්තකගේ නිවසද මෙලෙස ගිනි තබා විනාශ කෙරුණා.



Tuesday, 03 December 2013 - 7:08
-----------------------------------------------------------------------------------
අවසානයේ දී කැටයම් චින්තකත් මරුට.

Tuesday, 03 December 2013 - 8:00

කඹුරුපිටියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු චින්තක වසන්ත නොහොත් කැටයම් චින්තක පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඊයේ (02) ඇති වූ ගැටුමකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කඹුරුපිටිය - නයිගල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි මෙම ගැටුම ඇති වූ බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. මෙහිදී කැටයම් චින්තක විසින් බෝම්බ ප්‍රහාරයක් ද විශේෂ කාර්ය බලකා සෙබලූන් වෙත එල්ල කර තිබෙනවා.  පසුව බෝම්බ ප්‍රහාරය එල්ල වූ දෙසට විශේෂ කාර්ය බලකා සෙබලූන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කැටයම් චින්තකගේ මළ සිරුර සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. සිද්ධියෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මාතර - කොට්ඨාශ දූෂණ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුලදී ඝාතනය කෙරුණේ පසුගිය 17 වැනිදා රාත්‍රියේයි. මෙම සිද්ධියේදී නිවසේ සිටි අවුරුදු දෙක හමාරක් වයසැති කොස්තාපල්වරයාගේ දියණියට ද අපරාධකරුවන් තුවාල සිදුකළ අතර, අවුරුදු 6ක් වයසැති පිරිමි දරුවා නිවසින් පළා ගොස් දිවි ගලවා ගත්තා.
 
මෙම ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 26 වන දා හක්මන - දෙනගම වැවට පැනීම නිසා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ආයුධ සඟවා තිබූ ස්ථානයකට පොලිස් නිලධාරින් විසින් රැගෙන යමින් සිටියදී දෙනගම වැවට පැන පලායාමට උත්සාහ කිරීමේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඝාතන සිද්ධියේ දෙවන සැකකරු පසුගිය 22 වැනිදා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories