දෙහි ඕවිට හිටපු උප සභාපති වසර 15 ක් හිරේට.

Tuesday, 03 December 2013 - 13:09

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%95%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+15+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7.
දෙහි ඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ප්‍රියන්ත උදයකුමාර නොහොත් දෙදෑගම ප්‍රියන්ත ඇතුළු සිව් දෙනෙකුට වසර 15 බැගින් සිර දඩුවම් නියම කිරීමට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (03) නියෝග කළා. ඊට අමතරව මොවුන්ට රුපියල් දස දහස බැගින් වූ දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය නොගෙවන්නේ නම් තවත් වසර 3 බැගින් සිර දඬුවම් නියම කරනු ලැබුවා. 2004 වසරේ අවිස්සාවේල්ල - නාපාවල ප්‍රදේශයේ දී වැලි ලොරියක් කොල්ල කෑම මොවුන්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි.
 
මේ අතර, කැළණිය ප්‍රදේශීය සභාවේ කටයුතු විමර්ශනය සඳහා පත් කළ ඒකපුද්ගල කමිටුවේ කටයුතු වළක්වාලමින් නිකුත් කර ඇති වාරණ නියෝගය අද (03) යළිත් දීර්ඝ කරනු ලැබුවා. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රකාශ කළේ මෙම වාරණය නියෝගය ලබන වසරේ මාර්තු මස 19 වන දා දක්වා දීර්ඝ කරන බවයි. කැළණිය ප්‍රාදේශීය සභාවේ කටයුතු විමර්ශනය සඳහා ඒකපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවේ බස්නාහිර පළාත් මහඇමති ප්‍රසන්න රණතුංගයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories