Update : අද රෑ 12 න් පසු O/L උපකාරක සේවා තහනම්.

Tuesday, 03 December 2013 - 15:27

Update+%3A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%91+12+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+O%2FL+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධාන කිරීම, මෙහෙයවීම සහ විෂයානුබද්ධ දේශන පැවැත්වීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එසේම වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්නපත්‍ර බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, ප්‍රදර්ශනය සහ අත්පත්‍රිකා බෙදාහැරීමද තහනම් වනු ඇති. මේ පිලිබඳව දැනටමත් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෙම නියෝගය කඩකරන අයෙකු හෝ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම් ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි. එසේම 1911 දුරකථන අංකයෙන්ද ඒ පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකිවනවා.

Update : Wednesday, 04 December 2013 - 8:24 AM
-------------------------------------------------
සාමාන්‍ය පෙළ උපකාරක පන්ති සහ පෙරහුරු ප්‍රශ්න පත්‍ර හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්.

මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන පවත්වනු ලබන උපකාරක පන්ති සහ බෙදාහරින ආදර්ශ ප්‍රශ්න පත්‍ර මෙන්ම බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අක්‍රමිකතා වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. මේ අතර අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 24 වැනිදාට පෙර නිකුත් කරන බවද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories