රන් ජාවාරමේ මහ මොළකරුවන් කොළඹදැයි රේගුවට සැකයක්.

Thursday, 05 December 2013 - 7:37

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන රත්‍රං ජාවාරමේ මහ මොළකරුවන් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය සති කිහිපය තුළ දිගින් දිගටම ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට රන් ගෙන යාමේ සිද්ධීන් රැසක් වාර්තා වූ බවයි. මෙය පදනම් කරගනිමින් විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කේන්ද්‍ර කර ගත් රන් ජාවාරමක තොරතුරු පසුගිය 25 වැනිදා අනාවරණ වූයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු රුපියල් කෝටි 6 ක වටිනාකමින් යුත් රන් කිලෝ 23 ක් සමඟ ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමත් සමඟයි. පසුගිය මාස කිහිපය තුළ රත්‍රං ජාවාරම සම්බන්ධයෙන් සිද්ධීන් 70 කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවී තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී සඳහන් කළේ මෙම ජාවාරමේ මහ මොළකරුවන් ශ්‍රී ලංකාවේ සිටින බවයි. ඔවුන් කොළඹ ප්‍රදේශයේ සිට වෙනත් පුද්ගලයන් යොදවා ගනිමින් මෙම ජාවාරමේ නිරතවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර  ජාත්‍යන්තර රන් ජාවාරම්කරුවන් එම ජාවාරම සඳහා ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව යොදා ගන්නා බව ‘‘ද ඉකොනොමික් ටයිම්ස් නමැති ඉන්දියානු ව්‍යාපාරික පුවත්පත’’ ද මීට පෙර ප්‍රකාශ කළා.  ජාවාරම්කරුවන් ඩුබායි සිට රත්රන් මෙරටට ගෙනවිත් ඒවා ඉන්දියාව, තායිලන්තය සහ සිංගප්පූරුව වෙත රැගෙන යන බවයි එහි දැක්වුණේ .


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories