21 වන සියවසේ බලවතුන්.

Thursday, 05 December 2013 - 7:49

21+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A.
චීනය සහ ඇමරිකාව අතර පවතින සබඳතාවයේ ස්වරූපය 21 වන සියවසේ ඉදිරි පැවැත්මට ඍජුවම බලපාන බව ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඞ්න් පවසනවා. විදෙස් මාධ්‍ය වෙත ඇමරිකානු උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ රටවල් දෙකටම මේ පිළිබඳ දැඩි වගකීමක් ඇති බවයි. චීනයේ සංචාරයක නිරතවන ඇමරිකානු උප ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂී-ජිං-පිං අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී දෙරට අතර පසුගිය කාලසීමාව තුළ ඇතිවූ මතබේදාත්මක තත්ත්වයන් මෙන්ම ආර්ථික සහ දේශපාලන වශයෙන් වැදගත්වන තවත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවී තිබෙනවා. එහිදී දෙරටේ ඉදිරි කටයුතු පිළිබඳ වැදගත් එකඟතාවයන් කිහිපයකටද එළඹුණු බව විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories