වීඩියෝ: බස් ගාස්තු ගැන ගමනාගමන කොමිසමට බලයක් තිබේ ද ?

Thursday, 05 December 2013 - 18:54

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%9A+%E0%B6%AF+%3F
බස් ගාස්තු වැඩිකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලයක් ඇත්ද යන්න පිළිබඳව සොයා බලා කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයාට අද (05) නියෝග කෙරුණා. ජාතික ගමනාගමන කොමිෂම බස් ගාස්තු වැඩිකිරීම අභියෝගයට ලක් කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය කර ඇත්තේ. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අනිල් ගුණරත්න සහ මාලනී ගුණරත්න ඉදිරියේ අද මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ජනවාරි 17 වැනිදා නොතීසි කැඳවන ලෙසයි නියෝග කෙරුණේ. බස් ගාස්තු වැඩිකිරීමට බලයක් තිබේද යන්න පිළිබඳව විනිසුරුවරුන් මෙහිදී ජාතික ගමනාගමන කොමිෂමෙන් විමසා සිටියා. ඒ අනුවයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් බස් ගාස්තු වැඩිකිරීමට ජාතික ගමනාගමන කොමිෂමට බලය පවතින්නේ දැයි සොයා බලා කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories