ඩෙල්ෆ්ට් සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු,E.P.D.P. සංවිධානයෙන් ඉවතට.

Friday, 06 December 2013 - 9:11

%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%2CE.P.D.P.++%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.
ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු වන උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කේ.කමලේන්ද්‍රන් ඊ.පී.ඞී.පී සංවිධානයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. එහි මාධ්‍ය ප්‍රකාශක එස්.තවරාසා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ (05) රැස්වූ පක්ෂ සාමාජිකයන් විසින් මෙම තීරණය ගත් බවයි. ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවේ සභාපති ඩැනියෙල් රෙක්සීයන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊ.පී.ඞී.පී පක්ෂ සාමාජික උතුරු පළාත්  විපක්ෂ නායක කේ.කමලේන්ද්‍රන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. මියගිය ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සිරුර පොලිසිය ඔහුගේ නිවසේ තිබී සොයා ගත්තේ පසුගිය 26 වැනිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories