කුඩා ගඟට පැන පුද්ගලයෙකු අතුරුදන්.

Friday, 06 December 2013 - 10:38

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.
බුලත්සිංහල - තලවැල්ලාව පාලම අසලින් කුඩා ගඟට ඊයේ (05) පස්වරුවේ පුද්ගලයෙකු පැන තිබෙනවා. බුලත්සිංහල පොලිසිය සඳහන් කළේ 39 හැවිරිදි මෙම පුද්ගලයා සිය මිතුරන් දෙදෙනෙකු සමඟ ත්‍රිරෝද රථයකින් මෙම ස්ථානයට පැමිණ ඇති බවයි. එක්වරම මෙම පුද්ගලයා පාලමෙන් පැන ඇති බව ඔහුගේ මිතුරන් දෙදෙනා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අතුරුදන්ව සිටින මොහු සොයා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories