ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මෙරට උතුරුකරයේ සංචාරයකට සූදානම් බව ශ්‍රී ලංකාව නොදන්නේ යැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් පවසනවා. කල්කටා ටෙලිග්රාෆ් පුවත්පත සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින්, ඉන්දීය මුදල් අමාත්‍යවරයා ඒ පිළිබඳ සිදුකළ ප්‍රකාශය ඔහු ප්‍රතික්ෂේප කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවුව ද උතුරේ සංචාරය කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් කළ ආරාධනය තවමත් විවෘත බවයි ඉන්දීය මුදල් අමාත්‍ය පී.චිදම්බරම් ප්‍රකාශ කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකාවේ පැවති සමුළුවට සහභාගි වනු ඇතැයි තමා අපේක්ෂා කල බව මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මෙම සාකච්ඡාවේදී සඳහන් කළා. එසේ ඔහු පැමිණියේ නම් ඉන්දීය අනුග්‍රහයෙන් උතුරේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණ කටයුතු සියැසින් දැක බලා ගැනීමට ඔහු හැකියාවක් ලැබෙනවා. එමෙන්ම එය ඉන්දු - ලංකා සහයෝගිතාව මෙන්ම, මෙරට සංහිඳියා ක්‍රියාමාර්ග ශක්තිමත් කරලීමේ පියවරක්. එහෙත්, ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංට එම අවස්ථාව මඟ හැරුණු බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් අවධාරණය කළා.

Follow US
Most Viewed Stories