ඩෙස්, පුටු යකඩවලට විකිණූ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට.

Friday, 06 December 2013 - 18:50

%E0%B6%A9%E0%B7%99%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94++%E0%B6%BA%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
සිය පාසලේ පුටු සහ මේසවල යකඩ රාමු තොගයක් රුපියල් 35,000කට විකුණූ බවට චෝදනා එල්ල වූ පුත්තලම ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා පොලීසිය අද (06) අත්අඩංගුවට ගත්තා. 52 හැවිරිදි ඔහු මෙම වංචාව සිදුකර ඇති බවට පැමිණිලි කර ඇත්තේ පුත්තලම ආනන්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරියෙකු විසින්. කල්පිටිය ප්‍රදේශයේ වෙනත් පාසලකින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අවසරය මත රැගෙන එන ලද යකඩ පුටු සහ මේස රාමු මෙලෙස විකුණා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකාර විදුහල්පතිවරයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories