පීඩන අවපාතය නිවර්තන සුළි කුණාටුවක් වෙයි.

Saturday, 07 December 2013 - 7:42

%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
බෙංගාල බොක්කේ පවතින පීඩන අවපාතය දැන් නිවර්තන සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී යාපනයේ සිට කිලෝමීටර් 330ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථාපිතව පවතිනවා. කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ එය ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කරමින් තිබෙන බවයි. එහෙත් එහි බලපෑම නිසා වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකියි. පොතුවිල් සිට මඩකලපුව සහ යාපනය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories