වීඩියෝ: පෙම නිසා දිවි පිදූ සිසුවාගේ සිරුර ගොඩගනී.

Sunday, 08 December 2013 - 8:00

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
වාරියපොළ - මඩිහේ - මිදියාල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකු ලෙස සිටියදී මියගිය 18 හැවිරිදි මොහොමඞ් රිෆාස් ගේ සිරුර ඊයේ (07) යළි ගොඩගනු ලැබුවා. ඒ, වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවයි. සිසුවාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට මුලින් හැඳින්වූවත් පසුව එය මිනීමැරුමක් බවට අනාවරණය වීම ඊට හේතුවයි.

මෙම සිසුවා පසුගිය අගෝස්තු මස 24 වැනිදා පාසලේ වහලයක ගෙළ වැළලාගෙන මියගිය බවටයි වාර්තාවුණේ. කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාද මෙය සියදිවි නසාගැනීමක් බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඔහුගේ සිරුරේ දක්නට ලැබුණු තුවාල සහ ගෙළට ලණුව සිරවී තිබු ආකාරය පිළිබඳව සැකසිතූ ප්‍රදේශවාසීන් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ වෙනත් පොලීසියකට භාරදෙන ලෙස බල කළා.
 
ඒ අනුව කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදු කළ අතර මරණය සිදුවී මාස 2 කට පසු මෙය මිනීමැරුමක් බව තහවුරු වුණා. මෙම සිසුවා සිය පාසලේම සිසුවියක් සමග ප්‍රේම සබඳතාවක් ඇතිකරගෙන තිබූ අතර ඊට එරෙහි වූ ඇයගේ පියා සහ සහෝදරයා මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වුණා. මේ වනවිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිසුවිය ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව සඳහන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories