‘‘මාදි’’ සුළි සුළෙඟ් බලපෑමෙන් උතුරු, නැගෙනහිර මුහුද රළු වෙයි.

Sunday, 08 December 2013 - 8:08

%E2%80%98%E2%80%98%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E2%80%99%E2%80%99+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%99%E0%B6%9F%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
බෙංගාල බොක්කේ පවතින මාදි සුළි කුණාටුව දැන් චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී යාපනය සිට කිලෝමීටර් 500 ක් පමණ ඊසාන දෙසින් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි. කෙසේ වෙතත් මඩකලපුවේ සිට ත්‍රිකුණාමලය සහ යාපනය හරහා මන්නාරම දක්වා වන මුහුදේ සුළං වේගය වැඩිවීමේ අවදානම තවදුරටත් පවතින බැවින් අදාළ මුහුද ප්‍රදේශ රළුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ගොඩබිමට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories