වීඩීයෝ : රජයට සහය දක්වන්න TNA කොන්දේසි. සාකච්ඡාවලට එන්න. රජය

Sunday, 08 December 2013 - 12:54

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+TNA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92.+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA
ආණ්ඩුවට සහය දීමට දෙමළ සන්ධානයට අවශ්‍ය නම් කළ යුත්තේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගිවීම බව රජය පවසනවා. වගවීම පිළිබඳව කරුණුවලදී රජයට සහය දීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉහත අදහස් පළ කළේ. ආණ්ඩුවට සහය පළ කරන බවට පාර්ලිමේන්තුවේදි පමණක් ප්‍රකාශ කිරීමෙන් පළක් නොවන බවද අමාත්‍යවරයා කියා සිටියා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ඊයේ ප්‍රකාශ කළේ වගවීම සහ සංහිඳියාව පිළිබඳ ක්‍රියාදාමයේදී ආණ්ඩුවට දෙමළ සන්ධානයේ සහය අවශ්‍ය බවයි. එසේ එකඟවීමට ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඉදිරිපත් කරන කරුණුවලට රජය අවංකව මැදිහත්විය යුතු බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories