තායිලන්ත විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීමට සැරසේ.

Sunday, 08 December 2013 - 19:31

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.
තායිලන්ත පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීමට සූදානම් වනවා. දිගින් දිගටම ක්‍රියාත්මක කළ විරෝධතා ක්‍රියාමාර්ගවලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට තායිලන්ත විපක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගිය මාසයක කාලසීමාව තුළ තායිලන්ත අගමැතිනී යින්ලූක් ශිනවත්‍රාට බලයෙන් ඉවත් වන ලෙස බලකරමින් විපක්ෂ කණ්ඩායම් බැංකොක් නුවර කේන්ද්‍ර කර ගනිමින් අඛණ්ඩ උද්ඝෝෂණ සහ විරෝධතා දියත් කළා. මෙම තත්ත්වය මත පසුගිය දින කිහිපය පුරා බැංකොක් නුවර ආරක්ෂාව තර කිරීමට ද තායිලන්ත බලධාරීන් පියවර ගෙන තිබුණා. කෙසේ වෙතත්, තායිලන්ත අගමැතිනී යින්ලූක් ශිනවත්‍රා ප්‍රකාශ කර ඇත්තේ තමන් මහ මැතිවරණයක් පවත්වන බවයි. එම මැතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීමට විපක්ෂය සූදානම් විය යුතු බව තායිලන්ත අගමැතිනිය තවදුරටත් සඳහන් කර තිබෙනවා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories