Update : වීඩීයෝ : පිටකොටුවේ ගින්නෙන් විනාශ වූ කඩ හිමියන්ට රජයෙන් වන්දි.

Sunday, 08 December 2013 - 20:59

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%A9+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92.
පිටකොටුවේ ගින්නෙන් හානි වූ කඩ සඳහා වන්දි ලබාදීමට සූදානම් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලෙසයි. ආපදාවන්ට පත්වූවන්ගේ ඉල්ලීම් පරිදි මෙය සිදුකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 7 වන දිනය වන අද ජල සම්පාදන හා ජලාපවහන, ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් මේ වනවිට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.
 
Update : Monday, 09 December 2013 - 13:11 PM
-------------------------------------------
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සභාපති දුෂිතයෙක් - දේශමාමක බලවේගය

පිටකොටුව ගින්නෙන් හානිවු වෙළද සැල් සදහා තමන්ට සහනයක් සලසන ලෙස පීඩාවට පත් වෙළෙදුන් රජයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර, අද උදෑසන කොළඹ නගර සභාව විසින්  ගින්නෙන් හානි වී තිබු කඩවල සුන් බුන් ඉවත් කිරීමට කටයුතු කළා. පිටකොටුව බෝධිරාජ මාවතේ පිහිටි මෙම කඩ කාමර පෙළෙහි හදිසි ගින්නක් හටගත්තේ පෙරේදා රාත්‍රියේයි. ඉන් කඩ කාමර 102 ක් විනාශ වුණා. කොළඹ මහ නගර සභාව මගින් අද පිලිස්සී විනාශ වු බෝධිරාජ මාවතේ කඩවල තිබු සුන්බුන් ඉවත් කිරීම සිදුකළා. මේ අතර අද දේශමාමක පදික වෙළදුන්ගේ හා ත්‍රීරෝද රථ කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධානය මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories