තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට අගමැතිනිය සූදානම්.

Monday, 09 December 2013 - 8:03

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් බව එරට අගමැතිනී යින්ලූක් ෂිනවත්‍රා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී මහ මැතිවරණයක් පැවැත්වීමටයි ඇය තීරණය කර ඇත්තේ. බලයෙන් ඉවත්වන ලෙස තායිලන්ත අගමැතිනියට බල කරමින් පසුගිය මාර්තු මාසයේ සිට එරට උද්ඝෝෂණ පැවැත්වුණා. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමගයි විපක්ෂ විරෝධතා ඉතා තීරණාත්මක අවස්ථාවකට පැමිණියේ. යින්ලූක් ෂිනවත්‍රා 2011 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන බලයට පත්වුණා. ඇය හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ සොහොයුරියකද වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories