Update : මැන්ඩෙලා වෙනුවෙන් 10 සහ 11 ජාතික කොඩිය අඩකුඹු කරන්නැයි ඉල්ලීමක්.

Monday, 09 December 2013 - 10:38

Update+%3A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+10+%E0%B7%83%E0%B7%84+11+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය නිමිත්තෙන් හෙට (10) සහ අනිද්දා දිනයන් හි ජාතික ධජය අඩකුඹු කරන ලෙස රජය ඉල්ලීමක් කරනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන් ඉල්ලා සිටියේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මෙලෙස ජාතික ධජය අඩකුඹු කරන ලෙසයි. අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාට රාජ්‍ය ගෞරව දක්වන දින දෙක ලෙස හෙට සහ අනිද්දා එරට බලධාරීන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීම සඳහා දකුණු අප්‍රිකාවට පිටත්ව යාමට නියමිතයි. මියයන විට 95 හැවිරිදි වියේ පසුවූ නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

Update : Monday, 09 December 2013 - 13:18 PM
----------------------------------
හෙට සහ අනිද්දා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක්.

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය නිමිත්තෙන් හෙට සහ අනිද්දා ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ නිසා එම දෙදින තුළදී ජාතික ධජය අඩකුඹු කර තබන ලෙසයි. අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාට රාජ්‍ය ගෞරව දක්වන දින දෙක ලෙස හෙට සහ අනිද්දා එරට බලධාරීන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීම සඳහා දකුණු අප්‍රිකාවට පිටත්ව යාමට නියමිතයි. මියයන විට 95 හැවිරිදි වියේ පසුවූ නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories