ජනපති ද. අප්‍රිකාව බලා පිටත් වේ.

Monday, 09 December 2013 - 14:56

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF.+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A.
අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සල් මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) දිවයිනෙන් පිටත්ව ගියා. හිරු ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ පස්වරු 2.05ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු ධුත පිරිස දිවයිනෙන් නික්මුණු බවයි. අද (09) සවස දකුණු අප්‍රිකාව බලා ළඟාවීමට නියමිත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් හෙට සහ අනිද්දා පැවැත්වෙන අවමංගල්‍යය මෙහෙයන්ට සහභාගි වනු ඇති. දකුණු අප්‍රිකානු යූනියන් ගොඩනැගිල්ලේ තැන්පත් කර ඇති හිටපු ජනාධිපති මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බදාදා ප්‍රිටෝරියා නුවරට පැමිණෙනවා.   

දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා සිව් දින නිළ සංචාරයක් සඳහා කෙන්යාව බලා නික්මෙනවා. එහිදී ජනාධිපතිවරයා කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති. කෙන්යානු සංචාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහ ජනාවාස වැඩසටහනේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට මෙන්ම ව්‍යාපාරික සංසදයකට ද සහභාගිවීමට නියමිතයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories