වීඩියෝ: යසුෂි අකාශි, ජනපති හමුවෙයි.

Monday, 09 December 2013 - 14:59

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B7%82%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%92%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
මෙරට සංචාරයක නිරත වන ජපාන රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික යසුෂි අකාශි අද (09) උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. ජනාධිපති මන්දිරයේ පැවැති මෙම හමුවේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළා. ජපාන නියෝජිත යසුෂි අකාශි සහ ජනාධිපතිවරයා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබද විශේෂයෙන් සාකච්ඡා කර තිබෙනවා.

සමස්ත සංහිදියා ක්‍රියාවලිය මෙන්ම ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික සබඳතා සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විශේෂ නියෝජිත අකාශි සමඟ සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන්වරට යසුෂි අකාශි මුණ ගැසුණේ මේ වසර මුල දී ජපානයේ සංචාරය කළ අවස්ථාවේදියි. එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සමයේ සංවර්ධනය ආශ්චර්යමත් බවයි. ශ්‍රී ලංකාව සීමිත සම්පත් ප්‍රමාණයකින් එම වර්ධනය ලබා තිබෙනවා. මේ නිසා ඇතැම් සංවර්ධිත රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු නොකිරීම අසාධාරණ බව යසුෂි අකාශි එහිදී ප්‍රකාශ කළා.
 
අද (09) පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ ද සහභාගි වුණා. ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද මුණ ගැසුණා. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories