සන්ධානය තවත් ප්‍රාදේශීය සභා දෙකක අය වැය පරාදයි.

Tuesday, 10 December 2013 - 18:55

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හොබවන තවත් ප්‍රාදේශීය සභා දෙකක අය වැය අද (10) පරාජයට පත්වුණා. අලව්ව ප්‍රාදේශීය සභාවේ අය වැය දෙවන වරටත් එලෙස පරාජය වූ අතර ගාල්ල - බෝපේ - පෝද්දල ප්‍රාදේශීය සභාවේ අය වැය පරාජයට පත්වුණේ පළමුවරටයි.

අලව්ව ප්‍රාදේශීය සභාවේ 2014 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය පරාජයට පත්වුණේ  වැඩි ඡන්ද 3කින්. අය වැයට පක්ෂව ඡන්ද 4ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 7ක්. ඊට අදාළව පැවැති රහස් ඡන්ද විමසීමේදී එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හොබවන අලව්ව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සිටිනවා. සභාපතිවරයා හැර අනෙකුත් සන්ධාන මන්ත්‍රීවරුන් අය වැයට විපක්ෂව ඡන්දය ලබා දී ඇති අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු සභාපතිවරයා සමග එක්ව ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්. එක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු අද (10) සභාවට පැමිණ නැහැ.

මීට පෙර නොවැම්බර් 28 දා පැවැති අලව්ව ප්‍රාදේශීය සභාවේ පළමු අය වැය ඡුන්ද විමසීම ද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්වුණා.
 

මේ අතර, ගාල්ල - බෝපේ - පෝද්දල ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා අයවැය එක්  ඡුන්දයකින් පරාජයට පත්ව තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 5 ක් සහ විපක්ෂව ඡන්ද 6 ක් ලැබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බෝපේ -පෝද්දල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සංයුතිය 11 ක්. එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 3 දෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගෙන් සැදුම් ලබනවා. එහිදී මෙවර අයවැය ඡන්ද විමසීම සිදුකරනු ලැබුවේ රහස් ඡුන්දයක් ලෙසයි.

කෙසේ වෙතත්, ලබන වසර සඳහා ඉදිරිපත් කෙරුණු රත්තොට ප්‍රාදේශීය සභාවේ අය වැය සහ මීගමුව නගර සභාවේ අය වැය අද (10) ඒකමතිකව සම්මත වීම විශේෂත්වයක්. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය ද අද (10)වැඩි ඡන්ද 7කින් සම්මත වුණා.

 
පසුගිය දින කිහිපය පුරා පළාත් පාලන ආයතන කිහිපයක අය වැය පරාජයට පත්වීම සුලභ සිද්ධියක් වුණා. අද (10) වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පෑලියගොඩ, මීරිගම, රාජාංගනය, අලව්ව සහ ඇඹිලිපිටිය යන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ ධුර ද මේ වන විට අහිමි වී ඇත්තේ අයවැය යෝජනා දෙවරක් පරාජයවීම හේතුවෙන්. මීට අමතරව නිදහස් සන්ධානයට බලය හිමි මැදවච්චිය, ඉඹුල්පේ, වත්තල, කැස්බෑව, මාතර, බෝපේ - පෝද්දල යන පළාත් පාලන ආයතනවල අය වැය එක් වරක් පරාජය පත්වී තිබෙනවා. එසේම එක්සත් ජාතික පක්ෂයට බලය හිමි සීතාවකපුර නගර සභාවේ අය වැය සභාවට පළමු ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී පසුගිය දා එය පරාජයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories