ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ 55 වන වාර්ෂික සම්මේලනයේ සම්මත කෙරෙන යෝජනා 04 ක් ඊයේ (10) රැස්වු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කර තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. ජීවන බර වහා සැහැල්ල කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීම සහ නායකත්ව මණ්ඩලයට අදාළ යෝජනා ඊට ඇතුළත්. ඒවා සම්මේලනයේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Follow US
Most Viewed Stories