UPDATE: වීඩියෝ: ශ්‍රී ලංකාවට ජගත් පරිසර වැඩසටහනේ සහතිකයක්.

Thursday, 12 December 2013 - 7:38

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
තිරසාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව ඉටු කරන කාර්ය භාරය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ අචිම් ස්ටයිනර්ගේ ප්‍රසාදයට ලක්වුණා. ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ පැවැති හමුවකදියි.  කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි එහි ප්‍රධාන කාර්යාලයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඔහු ප්‍රකාශ කළේ තිරසාර සංවර්ධන උපායන්හිදී ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවන බවයි. හරිත ආර්ථිකයක් බිහි කිරීමට ලක් රජය ගන්නා පියවර පිළිබද ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ කළා. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති රැසක් සාර්ථකව උතුර පළාත තුළ අවසන් කර ඇති බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ. මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා සමඟ නිළ සාකච්ඡා අද (14) පැවැත්වෙනවා. ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබදව කෙන්යාවේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් කියා සිටියේ දෙරට අතර අත්සන් කෙරෙන නිළ ගිවිසුම් කිහිපයකට ද අද දිනයේ අත්සන් තැබීමට නියමිත බවයි.

UPDATE: Saturday, 14 December 2013 - 7:56 AM
--------------------------------------------
ජනපති කෙන්යාවේදී ශ්‍රී ලාංකිකයන් හමුවේ.

කෙන්යාවේ සිව් දින නිළ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (13) නිදහස් කෙන්යාවේ පියා ලෙස සැලකෙන හිටපු ජනාධිපති ජෝමෝ කෙන්යාටාගේ සමාධියට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. අනතුරුව ජනාධිපතිවරයා කෙන්යාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ද හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාල ද නැරඹූ බවයි. රටේ උතුර පළාත තුළ ව්‍යාපෘති රැසක් සාර්ථකව නිම කර ඇති බව එහි නිළධාරීන් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.



Update : Friday, 13 December 2013 - 07:30 PM
---------------------------------------------------------------------------------
ජනපති UN නයිරෝබි කාර්යාලයට.

කෙන්යාවේ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ නයිරෝබි කාර්යාලයට ද යාමට නියමිතයි. එමෙන්ම, අද (13) දිනයේදී එරට සිටින ශ්‍රී ලාංකිකයන්ද හමුවීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරනවා. ඊයේ දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට 50 වන නිදහස් දින සැමරුමට ද එක්වුණා. අද දිනයේදී ජනාධිපතිවරයා ජගත් සංවිධාන නයිරෝබි කාර්යාලයට අමතරව තවත් ස්ථාන රැසකට යාමට නියමිතයි. ඒ අනුව, නයිරෝබි නුවර පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරයට පැමිණ ආගමිකවතාවල නිරතවීමට කටයුතු යොදා ඇති බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයානන්ද හේරත් සඳහන් කළා. ඊට අමතරව, නූතන කෙන්යාවේ ජාතික නායකයාගේ ස්මාරකයට ද ජනාධිපතිවරයා විසින් පුෂ්පෝපහාර දක්වනු ඇති.

Update : Friday, 13 December 2013 - 8:15
---------------------------------------------------------------------------------
ජනපති කෙන්යානු 50 වන නිදහස් සැමරුමට එක්වෙයි.


කෙන්යානු 50 වන නිදහස් දින සැමරුම් උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) එක්වුණා. සිය සිව් දින කෙන්යානු නිල සංචාරය ජනාධිපතිවරයා ආරම්භ කරනු ලැබුවේ ඊයේ පස්වරුවේයී. කෙන්යාවේ - කසාරානි නගරයේ - මොයි අන්තර්ජාතික ක්‍රීඩා සංකීර්ණයේ එරට නිදහස් සැමරුම අද (12) පැවැත්වුණා. ඊට ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් 15 කට ආසන්න පිරිසක් සහභාගී වී තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේදී කෙන්යානු ජනාධිපතිවරයාද හමුවීමට නියමිතයි. එමෙන්ම, එරට ව්‍යාපාරික ප්‍රජාවද ජනාධිපතිවරයා හමුවනු ඇති.



Thursday, 12 December 2013 - 7:18 PM
----------------------------------------------------
සිව් දින නිල සංචාරය ආරම්භ කරමින් ජනපති කෙන්යාවට.

සිය සිව් දින කෙන්යානු නිළ සංචාරයේ ආරම්භ කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) කෙන්යාවේ - නයිරෝබි නුවරට ළඟා වුණා. කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා සහ නියෝජ්‍ය ජනාධිපති විලියම් රූටෝ විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබූ බවයි ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී මෝයි අන්තර්ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන කෙන්යාවේ නිදහස් දින උත්සවයට ද සහභාගිවීමට නියමිතයි. දෙරට අතර ද්වීපාර්ශවික සාකච්ඡා එළඹෙන සෙනසුරාදා එරට රාජ්‍ය මන්දිරයේදී පැවැත්වෙන අතර, ව්‍යාපාර හා සංස්කෘතික සහයෝගිතා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ගිවිසුම් අත්සන් කිරීමට ද නියමිතයි.










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories