වීඩීයෝ : Update : ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයකුත් ඕනෑ.

Wednesday, 11 December 2013 - 13:09

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A++%E0%B6%95%E0%B6%B1%E0%B7%91.
මෙරට ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් නොව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව කතෝලික රදගුරු සම්මේලනය ප්‍රකාශ කළා. මෙරට සදාචාර යහපැවැත්ම ගොඩනැංවීමට කරුණු 42 කින් සමන්විත යෝජනා මාලාවක් කතෝලික රදගුරු සම්මේලනය විසින් අද (11) කොළඹදී එළිදක්වනු ලැබුවා. එම යෝජනා මාලාවට මෙරට ව්‍යවස්ථාව, අධිකරණයේ ස්වාධීනත්වය, ස්වාධීන කොමිෂන් සභා, මානව අයිතිවාසිකම් තහවුරු කිරීමට අදාළ යෝජනා ද ඇතුළත්. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ මෙරට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවයි.



 Update : Wednesday, 11 December 2013 - 7:14
------------------------------------------------------------
රටට ඇඟිලි ගැසීමට විදේශයන්ට ඉඩ තබන්න එපා. - අගරදගුරු.

Wednesday, 11 December 2013 - 13:09

විදෙස් රටවලට මෙරටට ඇඟිලි ගැසීමට ඉඩ ලබා නොදෙන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලය නිකුත් කරන ප්‍රකාශයක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. එහිදී අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවේ කරුණු හැකි ඉක්මනින් රජය විසින් ක්‍රියාවට නැංවිය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories