අයවැය පැරදුණු සන්ධාන පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් අද.

Wednesday, 11 December 2013 - 13:27

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය පවතින පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කිරීම සඳහා ඡන්දය ලබාදුන් සන්ධාන මන්ත්‍රීවරුන් අද (11) විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත කැඳවා තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසිනුයි මෙම කැඳවීම සිදුකර ඇත්තේ. මේ අතර, ඊයේ දිනයේදී පළාත් පාලන ආයතන අයවැය පරාජය කිරීමට ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු එම පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබුණා. ඒ පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන විසින්. එහිදී පළාත් පාලන ආයතනවල පරිපාලන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය ඇතුළු උපදෙස් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අදාළ මන්ත්‍රීවරුන්ට ලබාදුන් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, සන්ධානයේ බලය පවතින පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කිරීමට සහය ලබා නොදුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂයේ නායකත්ව මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ වනවිටත් අදාළ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු ලබාගෙන ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ.  

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට බලය පවතින පළාත් පාලන ආයතනවල අයවැය ජයග්‍රහණය කිරීම සඳහා සන්ධානයේ සහය ලබාගැනීම සිදුකළ සාකච්ඡාව පිළිබඳව ද එම පක්ෂය අවධානය යොමුකර තිබෙනවා. මේ පිළිබඳ කතාබහට ලක්වුණේ සීතාවක නගර සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා විසින් අයවැය සම්මත කර ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය අපේක්ෂා කිරීමත් සමඟයි. අදාළ සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට තරයේ අවවාද කර ඇති බව ද පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories