වීඩීයෝ : Update : පාරිභෝජනයට නුසුදුසු සෝස්, මිරිස්, කහ කුඩු තොගයක් දැලේ.

Wednesday, 11 December 2013 - 14:24

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%84+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු, කහ කුඩු සහ සෝස් නිෂ්පාදනය කරන ආයතනයක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය අද පියවර ගත්තා. එම අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය සඳහන් කළේ වර්ණක යොදන ලද මිරිස් කුඩු කිලෝග්‍රෑම් 1000ක්, කහ කුඩු කිලෝග්‍රෑම් 500ක්  එම ස්ථානයේ තිබී සොයාගත් බවයි. එමෙන්ම පරිභෝජනයට නුසුදුසු සෝස් ලීටර් 2 000 ක් ද මෙහි තිබී සොයාගෙන තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටියේ සෝස් නිෂ්පාදනයට චුයිංගම් සෑදීම සදහා යොදා ගන්නා ගම් වර්ගයක් භාවිත කර ඇති බවයි. එමෙන්ම වැසිකිලි සෝදන දියර සහ පිඟන් සේදීමට යොදා ගන්නා සේදුම් දියර ද මෙම ස්ථානයේ නිෂ්පාදනය කර තිබෙනවා. ඒවා නිපදවීමට තක්කාලි සෝස් නිෂ්පාදනය කරන භාජන ද යොදාගෙන ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 



Update :  Wednesday, 11 December 2013 - 7:23 

---------------------------------------------------------------
මිරිස්වලට වර්ණක - සෝස්වලට ගම්.

Wednesday, 11 December 2013 - 14:24

කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු සහ සෝස් නිෂ්පාදනය කරන ආයතනයක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය අද පියවර ගත්තා. එම අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය සඳහන් කළේ වර්ණක යොදන ලද මිරිස් කුඩු කිලෝග්‍රෑම් 1000 ක් එම ස්ථානයේ තිබී සොයාගත් බවයි. එමෙන්ම එහි තිබී පරිභෝජනයට නුසුදුසු සෝස් ලීටර් 2 000 ක් පමණ සොයාගෙන තිබෙනවා. වැටලීම සිදුකළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම සෝස්වලට කිසියම් ගම් වර්ගයක් මිශ්‍ර කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories