Update : වීඩියෝ : වසරේ පුද්ගලයා ෆ්‍රැන්සිස් පාප්වහන්සේ.

Wednesday, 11 December 2013 - 20:06

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%86%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A.
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වසරේ පුද්ගලයා ලෙස ලොව ප්‍රකට ටයිම්ස් සඟරාව විසින් නම් කර තිබෙනවා. ෆ්‍රැන්සිස් පාප්වහන්සේ කතෝලික සභාවේ ප්‍රධාන පදවියට පත්ව මාස 9 ක් තුළ උන්වහන්සේ මෙලෙස තෝරා පත් කර ගැනීම සුවිශේෂී අවස්ථාවක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. විශ්වාසයේ නව හඬ බවට පාප්වහන්සේ පත්ව තිබීම නිසා, වසරේ පුද්ගලයා ලෙස උන්වහන්සේ නම් කිරීමට තීරණය කළ බව ටයිම්ස් සඟරාව පවසනවා. දුප්පත්කම, මහජන සෞඛ්‍ය, ගෝලීයකරණය සහ වෙනත් කාරණ රැසක් සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නැගූ හඬ මීට තවත් එක් හේතුවක් බවයි ටයිම්ස් සඟරාව පෙන්වා දෙන්නේ. පාප් වහන්සේ නමක් ටයම්ස් සඟරාව මගින් වසරේ පුද්ගලයා ලෙස නම් කළ තුන්වන අවස්ථාව මෙයයි. ටයිම්ස් සඟරාවට අනුව ෆ්‍රැන්සිස් පාප්වහන්සේට දෙවැනි වනුයේ ඇමෙරිකානු ජාතික ආරක්ෂක අංශයේ හිටපු ඇමරිකානු ඔත්තු සේවා නියෝජිතයෙකු වූ එඞ්වඞ් ස්නෝඞ්න්. මෙවර ටයිම්ස් සඟරාව විසින් වසරේ පුද්ගලයා නම් කිරීම සඳහා තෝරා ගත් අවසන් පුද්ගල ලැයිස්තුවට කිසිදු ආසියාතිකයෙකු ඇතුළත් නොවීම ද විශේෂත්වයක්.



Update : Thursday, 12 December 2013 - 7:45 AM
----------------------------------------------
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වසරේ කැපී පෙනෙන පුද්ගලයා ලෙස TIMES නම් කරයි.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වසරේ කැපී පෙනෙන පුද්ගලයා ලෙස ටයිම්ස්  සඟරාව මගින් අද (11)  නම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පාප් පදවියට පත්වූ පළමු වසරේදීම රෝමානු කතෝලික පල්ලියේ දැක්ම සුවිශේෂී වෙනසකට හැරවීමට උන්වහන්සේ සිදුකළ සේවය මෙලෙස වසරේ  පුද්ගලයා ලෙස තෝරා ගැනීමට හේතුවී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories